විදේශීය

ගෝලීය කොවිඩ් වසංගතය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ සැසිවාරයක්

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණය පිළිබඳ විශේෂ සැසිවාරයක් ලබන දෙසැම්බර් මස 03 සහ 04යන දෙදින තුළ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සැසිවාරය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ සභා සමාජිකයින් 150 දෙනෙකුගේ යෝජනාවකට අනුව පැවැත්වීම සඳහා පියවර ගෙන ඇති බවත් මේ පිළිබඳ සියලු සාමාජික රාජ්‍යවල නියෝජිතයින් දැනුවත් කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කොවිඩ් අවදානම හේතුවෙන් එම සැසිවාරය මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *