ප්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර වෙළදපොලේ – සෞඛ්‍ය අංශ වලින් දැනුම් දීමක්
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ ප්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර ඇතැම් ස්ථානවල අලෙවි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
ප්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර භාවිතයෙන් විවිධ සෞඛ්‍ය ගැටළු මතුවිය හැකි බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.
මුව ආවරණ භාවිතා කිරීමේදී ද ප්‍රමිතියෙන් යුත් මුව ආවරණ භාවිතා කිරීමට යොමු වන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
