ක්‍රීඩා

සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අවසන් පූර්ව තරගයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (06) සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පැවති තරගයෙන් ජය ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට හැකි විය.

ඒ අනුව අවසන් පූර්ව තරගය සඳහා තරග වැදීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් විය.

ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු හයිදරාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට රෝයල් චැලෙන්ජස් කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.

ඒ් අනුව තම පන්දුවාර 20 අවසානයේ රෝයල් චැලෙන්ජස් කණ්ඩායමට කඩුලු 07ක් දැවි ලබා ගත හැකිවූයේ ලකුණු 131ක් පමණි.

නායක විරාට් කෝලිහට තම කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට හැකි වූයේ ලකුණු 06ක් පමණි.ඔහුගේ දැවීයාමත් සමඟ ඒ බී ඩි විලියස් ලකුණු 36ක් ද ආරෝන් ෆින්ච් ලකුණු 32ක් ද තම කණ්ඩායම වෙනුවෙන් රැස් කරන ලදි.

පන්දු යැවීමේ දී ජෙසන් හොල්ඩර් කඩුලු 03ක් හා ටි.නටරාජන් කඩුලු 02ක් බිඳහෙළීමට සමත් විය.

ජයග්‍රාහී ඉලක්කය ලෙස ලකුණු 132ක් ලබා ගැනීමට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායම පන්දු වාර 19.4 ක් අවසානයේ කඩුලු 04ක් දැවී තම ජයග්‍රාහනය සටහන් කරන ලදි.

කේ් විලියම්සන් නෙදැවී ලකුණු 50ක් ද ජේසන් හොල්ඩර්හට නොදැවී ලකුණු 24ක් ද තම කණ්ඩායම වෙනුවෙන් රැස් කරීමට හැකි විය.

පන්දු යැවීමේදී මොහොමඩ් සිරාජ් කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

හෙට (08) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග තරග වැදීමට හයිදරාබාද් කණ්ඩායමට ඒ අනුව හැකි විය.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ලබන (10)දා අවසන් මහ තරගය සඳහා තරග වැදීමට සුදුසුකම් ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *