දේශීය

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 27 – අධ්‍යාපන ලේකම්

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 17 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

රට තුළ පවතින තත්ත්වය කුමක් වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව පවසන ලේකම්වරයා  රට තුළ පැවති තත්ත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීරණය පරිද්දෙන්ම ඉදිරියේදී ද කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාමට තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍යංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවීමට ජනාධිපතිතුමා කටයුතු කර ඇත්තේ ඕනෑම අභියෝගාත්මක තත්වයක් හමුවේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට බව අධ්‍යාපන ලේකම් වරයා අවධාරණය කළා.

සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පවත්වන වේලාවන් වෙනස් නොකොට, පුද්ගල දුරස්ථභාවය සහ සෞඛ්‍යආරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද ලේකම් වරයා පළාත් පාසල් බලධාරින්ගෙන් විමසා සිටියා.

ඒ අනුව නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර , එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කළ බව ද ලේකම් වරයා සඳහන් කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *