දේශීය

පුරන් කුඹුරු අක්කර 17ක් අස්වද්දයි

නාවලපිටිය බව්වාගම, කරන්දෙණිය වෙල්යායේ  පුරන් කුඹුරු අක්කර 17ක් අස්වැද්දීම අද(07) ආරම්භ කළා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ සහභාගිත්වයෙන්.

මෙම කුඹුරු අස්වැද්දීමට අවශ්‍ය ශ්‍රම දායකත්වය පමණක් ගොවීන්ගෙන් ලබා ගනිමින් එක් ගොවියෙකුට රුපියල් හතලිස්දහසක් බැගින් පොලී රහිත ණයක් ලබා දෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් දියත් කළ බව මෙහිදී මහින්දානන්ද අළුත්ගමගේ අමාත්‍යවරයා පැවසුවා.

අපි බලාපොරොත්තු වන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගන්න. වී මිළ රුපියල් 50 – 55 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා ගොවියාට හොද අවස්ථාවක් හිමිවෙලා තියෙනවා තම ආර්ථිකය ශක්තිමත් කරගන්න. ගොවීන්ට අවශ්‍ය බිත්තර වී ලබා දෙනවා. අවශ්‍ය යන්ත්‍ර උපකරණ ලබා දෙනවා. ගොවින්ට තියෙන්නේ ශ්‍රමය වැය කරන්න විතරයි. අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසුවා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *