දේශීය

හෙට ඇඳිරි නිතීය ඉවතට – හුදෙකලා කර ඇති ප්‍රදේශ මෙන්න

හෙට (09) උදෑසන 5.00ට බස්නාහිර පළාත ඇතුළුව සියලු ප්‍රදේශවල ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අවසන් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් පොලිස් බල ප්‍රදේශ රැසක් නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එලෙස හුදෙකලා කිරීමට තීරණය කර ඇති පොලිස්බල ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය

  • මට්ටක්කුලිය
  • මෝදර
  • බ්ලුමැන්ඩල්
  • කොටහේන
  • ග්‍රෑන්ඩ්පාස්
  • වෙරළබඩ පොලිස් බලප්‍රදේශය
  • ආදුරුප්පුවීදිය
  • මාළිගාවත්ත
  • දෙමටගොඩ
  • වැල්ලම්පිටිය
  • බොරැල්ල
  • කෙසෙල්වත්ත

ගම්පහ දිස්ත්‍රික්කය

  • වත්තල
  • පෑලියගොඩ
  • කඩවත
  • රාගම
  • මීගමුව
  • පමුණුගම
  • ජාඇළ
  • සපුගස්කන්ද 

කළුතර දිස්ත්‍රික්කය

  • හොරණ
  • ඉංගිරිය
  • වෑකඩ බටහිර ග්‍රාමසේවා කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය
  • කුලියාපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය

  • මාවනැල්ල
  • රුවන්වැල්ල

යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ මෙත්සඳ සෙවණ, මිහජය සෙවණ, මෝදර රන්මිණ සෙවණ, සිරිසඳ උයන දෙමටගොඩ, මාලිගාවත්ත NHS නිවාස යන මෙලෙස හුදෙකලා කරන ලද පොලිස්වසම්වලට ද කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට හැකියාවක් නොමැති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *