මාතර බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වේ
මාතර බන්ධනාගාරයෙන් කොරෝනා වෛරසය ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිට ඉකුත් 01 වනදා මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිට ඉකුත් දිනවල මාතර බන්ධනාගාරයට මාරු කෙරුණු කාන්තා රැඳවියන් 07 දෙනෙකු PCR පරික්ෂණ සඳහා යොමු කර තිබුණු අතර ඉන් එක් රැඳවියෙකුට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මාතර බන්ධනාගාරයේ රැඳවියන් 500 දෙනෙකු සහ කාන්තා රැදවියන් 25 දෙනෙකු පමණ රදවා ඇති අතර එම බන්ධනාගාරයට අනියුක්තව නිලධාරීන් 170ක් පමණ රාජකාරී සිදු කරනු ලබයි.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාර රෝහල, වැලිකඩ බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර සහ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයින් හමු වී ඇති අතර මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
