දේශීය

මැදපෙරදිග රටවල් 3ක සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 3ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 71 දෙනෙකු අද ( 08 ) දිවයිනට පැමිණ තිබේ.

ඩුබායි සිට 35 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 17 දෙනෙකු, ඕමානයේ සිට 19 දෙනෙකු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

දිවයිනට පැමිණි මෙම පිරිස ගුවන්තොටුපළ තුලදීම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *