විදේශීය

පක්ෂ පාට භේදයකින් තොරව සියළු ඇමරිකානුවන් දකිනවා – ජෝ බයිඩ්න් කියයි

ඊයේ ( 07 ) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සියළු ඇමරිකානුවන් පක්ෂ පාට භේදයකින් තොරව එක ලෙස දකින බවත් බෙදීමට නොව එක්සත් වීමට උත්සහ කරන ජනාධිපතිවරයෙකු වීම සිය අභිලාෂය බවත් ඩිමොක‍්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් පවසයි.

මෙතෙක් ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිපල ප‍්‍රකාශයට පත් කර නොතිබුණ ද ජෝ බයිඩ්න් විසින් මේ වන විටත් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය ආසන ප‍්‍රමාණය හිමිකර ගෙන තිබේ.

ඒ අනුව ජනවාරි 20 වනදා ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීම‍ට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *