දේශීය

රාජ්‍ය ආයතනවල සේවයට අවම කාර්ය මණ්ඩලයක් කැඳවිය යුතුයි – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

බස්නාහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය හෙට ( 09 ) ඉවත් කළ ද සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා බලා රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ රාජකාරි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

කැඳවන අවම කාර්ය මණ්ඩලය සම්බන්ධව තීරණය කළ යුතු වන්නේ එම ආයතනයන්හි ප්‍රධානින් බවත් දැනට ක්‍රියාත්මක වන පරිදි සෙසු කාර්ය මණ්ඩලය නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කළ යුතු බවත් අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *