දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වල මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පසුව තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.

උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මඟින් අනතුරු සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *