සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු 5 අද ජනාධිපති කොමිසම හමුවට
දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද(09) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 5දෙනෙක් පෙනී සිටියා. හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී.අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද කොමිසම හමුවේ පෙනී සිටියේ පසුගිය දා කොමිසම විසින් එම මන්ත්‍රීවරුන්ට එරෙහිව නොතීසි නිකුත් කර තිබීම හේතුවෙන්.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව ජනාධිපති කොමිසමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකර තිබීමට එරෙහිව කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
සාක්ෂි විමසීමෙන් අනතුරුව ජනාධිපති කොමිසම විසින් අදාල මන්ත්‍රිවරුන්ට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු පැවරීමට තීරණය කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
