අවුරුදු 02ට අඩු දරුවන් සිටින හෝ ගර්භනී පොලිස් නිලධාරිනියන් හට සහනයක්
වයස අවුරුදු 02කට අඩු දරුවන් සිටින හෝ ගර්භණී පොලිස් නිලධාරිනියන් හට රාජකාරි කටයුතු සඳහා පොලිස් ස්ථානයට වාර්තා කිරීම අනවශ්‍ය බව වැඩ බලන පොලිස්පතිවරයා විසින දැනුම් දී තිබේ.
අදාළ කොට්ඨාසය බාර පොලිස් අධිකාරීවරුන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන් හට මේ සඳහා උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන ලදි.
ඒ අනුව, බස්නාහිර පළාතේ හෝ බස්නාහිර පළාතෙන් පිට ඇති හුදකලා ප්‍රදේශයක අනුයුක්ක කාන්තා පොලිස් නිලධාරිනියන්ට එසේත් නැතිනම් පදිංව සිටින වයස අවුරුදු 02කට අඩු දරුවන් සිටින හෝ ගර්භණී පොලිස් නිලධාරිනියන් හට ඔවුන්ගේ රාජකාරි කටයුතු සඳහා පොලිස් ස්ථානයට වාර්තා කිරීම අනවශ්‍ය බව සඳහන් කර ඇත.
එසේම මෙම පෙලිස් නිලධාරිනියන් නිවසේ රැඳී සිටියත් ආයතන සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන අනුව ඔවුන්ට ලැබෙන සියලුම වැටුප් දීමනා ඒ ආකාරයටම ලබාදීමට තිරීණය කර ඇති බවත් සදහන් කර ඇත.
පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තායෙන් වැඩි බලපෑමක් මෙම නිලධාරිනියන් හට ඇති විමට ඉඩ ඇති නිසා කාන්තා පොලිස් නිලධාරිනියන් සඳහා මේ සහනය ලබාදීමට පොලිස්පතිවරයා විසින් තීරණය කර තිබේ.