ක්‍රීඩා

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් මහා තරගයකට

ඊයේ (8) අබුඩාබිහි පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතර පැවැත්වෙන ලදි.

එම තරගයෙන් ජය ගැනිමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර තම පන්දු වාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගැනීමට හැකි විය.

දිල්ලි පිල වෙනුවෙන් ශිකර් දවාන් සමගින් මාර්කස් ස්ටොයිනිස් ආරම්භක පිතිකරුවන් ලෙස  තරගවදින ලදි.

එහිදී ස්ටොයිනිස් ලකුණු 38කට දැවී ගිය අතර, ශිකර් දවාන්ට ලකුණු 78ක් ද ශිම්රන් හෙට්මයර්ට ලකුණු 42ක් ද තම කණ්ඩායම වෙනුවෙන් රැස්කිරීමට හැකි විය.

හයිදරාබාද් කණ්ඩායමේ සන්දීප් ෂර්මා, ජේසන් හෝල්ඩර් සහ රෂීඩ් ඛාන්හට එක් කඩුල්ල බැගින් දවා ගැනීමට හැකි විය.

පිළිතුරු ඉනිම ලෙස ක්‍රීඩා කළ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 172ක් පමණක්  රැස් කර ගත හැකි විය.

ඩේවිඩ් වෝනර් ලකුණු දෙකකට දැවී ගිය අතර කේන් විලියම්සන්හට පන්දු 45ක දී හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමඟින් ලකුණු 67ක් තම කණ්ඩායමට රැස් කිරීමට හැකි විය.

අබ්දුල් සමාද්හට පන්දු 16ක දී හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් රැස් කිරීමට හැකි විය.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 29කට කඩුලු 4ක් සහ මර්කස් ස්ටොයිනිස් ලකුණු 26කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ලබන 10 වනදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඩුබායිහී දී පැවැත්වීමට නියමිතවේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *