දේශීය

පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය පරිත්‍යාග කරයි

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින්  සඳහන් කර ඇත.

කොවිඩ් වෛරස ආසාදිතයින් ඉක්මණින් හඳුනා ගැනීමට මෙම ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල යොදා ගත හැකි බවයි සඳහන් වන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය සැපයුම් අංශය වෙත මෙම පරීක්ෂණ කට්ටල යැවිමට පියවර ගෙන ඇත..

අද (09) පස්වරුවේ සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලබා දීමේ උත්සවයක් පැවැත්වීමට සුදානම් කර ඇතිි බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *