දේශීය

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානයට ඇති හැකියාව සොයා බලනවා – අධිකරණ ඇමති

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් ආසාදිත මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබා දී ඇති වටපිටාවක මෙරට කොවිඩ් ආසාදිත මරණවලට අදාල එම ක්‍රමවේදය අනුගමනය කිරීමට ඇති හැකියාව සොයා බලන්න ලෙස අදාල අංශ වෙත දැනුම් දුන් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ රටේ සියලුම ජනතාවට මේක විශාල අමාරු කාලයක්. මට කෝල් 100ක් ආවොත් 99ක් කථා කරන්නේ, මුස්ලිම් ජනතාව ආදාහනය කරන එක නවත්තලා භූමදානය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන් ද කියන එක. මුස්ලිම් ජනතාවගේ සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කළාම අපි අන්තවාදීන් කියලා හන්වඩු ගහනවා. මෙතෙන ඇති අන්තවාදයක් නෑ. යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අලිසබ්රි මහතා,

“ලෝකයේ රටවල් 189ක ආදාහනයට වගේම භූමදානයට අවසර ලබා දී තිබෙනවා. මුල් කාලයේදී අපිට බයක් තිබුනා වෛරසය නොහදුනන නිසා. නමුත් ප්‍රමානාත්මක යම් දැනුමක් තිබෙනවා. මේක විද්‍යානුකූලව සලකා බලා සමාජයට පැතිරෙන්නේ නැති ක්‍රියාමාර්ග අරගෙන මේ සදහා ලබා දිය හැකි අවස්ථාව සලකා බලන්න කියලයි අපි ඉල්ලා සිටියේ. එම ඉල්ලීම තුළ කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ අපි මේ රටේ නිරෝධයන නීතියට අභියෝග කරනවා කියලා.”


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *