අද කාලගුණය
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල මි.මී.100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
