දේශීය

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 460ක් දක්වා ඉහළට‍

අද ( 10 ) වන විට කොරෝනා වෛරසය පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

එම ආසාදිත පොලිස් නිලධාරීන් අතරින් මේ වන විට යම් පිරිසක් පූර්ණ සුවය ලබා ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අද සිට කොළඹ නගරය තුළ ආසාදිත බවට පත්ව ඇති පොලිස් නිලධාරීන් පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක් පත්කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුර‍ටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *