දේශීය

බස්රථ හිමියන්ට සහන රැසක්

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මගී බස්රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින්ට සහන ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම වර්ෂයේ අවසානය දක්වා තවදුරටත් සහනයන් බස්රථ ධාවකයින්ට ලබාදීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන එම අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව,

  • අවසර පත්‍ර යාවත්කාලීන කිරීමේ ගාස්තු
  • ප්‍රමාද ගාස්තු
  • ටෙන්ඩර් ගාස්තු
  • ලොග් පත්‍ර ගාස්තු
  • පිවිසුම් පත්‍ර ගාස්තු
  • අධිවේගී මාර්ගයන්හි තාවකාලික අවසර පත්‍ර ගාස්තු

බස් ධාවකයින්ගෙන් අය කරනු ලබන ඉහත සඳහන් ගාස්තු 2020 මාර්තු මාසයේ සිට නිදහස් කිරීමට තීරණය කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *