දේශීය

රිජ්වේ ළමා රෝහලේ 56කට කොවිඩ්

කොවිඩ් වෛරස ආසාදිතයින් 56 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇත.

වෛද්‍යවරු, හෙදියන් හා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ආසාදිතයින් 10ක් ද වෛරසය ආසාදනය වූ මව්වරු හා ළමුන් 46 දෙනෙක් ද මේ අතර වන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා විසින් ප්‍රකාශ කරන ලදි.

මේ සියළු දෙනා මේ වන විට නිරෝධායන කටයුතු සඳහා IDH රෝහලවෙත යොමු කර අති අතර රෝහල් අධ්‍යක්ෂවරයා පැවසූවේ රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙක් මේ වන වට  නිරෝධායනය කටයුතු සඳහා යොමුකර ඇතැයි බවයි.

මෙම වෛරසය ව්‍යාප්තිය රෝගීන් බැලීමට එන පිරිස් මගින් සිදුවන බව අනාවරණය වීමත් සමඟ රෝගීන් බැලීමට එන පිරිස අද සිට අවම කර ඇති අතර, එක් වරක් පමණක් රෝගීන් බැලීමට ඉඩ ලබා දී ඇත.

එහිදී විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ වාට්ටු තුළ සකසා ඇති ක්‍රමවේදයකට අනුව රෝගීන් බැලීමට අවසර ඇති බව රෝහල් අධ්‍යක්ෂකතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *