දේශීය

මස්කෙළිය ප්‍රදේශයේ 12 හැවිරිදි පාසල් සිසුවියකට කොවිඩ්

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ ගල් කන්ද ප්‍රදේශයේ 12 හැවිරිදි පාසල් සිසුවියකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පුද්ගලයින් 163කගේ PCR පරීක්ෂණ කළ අවස්තාවේ මෙම සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව තහවුරු වි ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ ආසාදිතයෙකුගේ නිවසක පැවති දානමය පිංකමකට මෙම සිසුවිය සහභාගී වී ඇති බව සඳහන් වන අතර ඇගේ පවුලේ කිසිදු සාමාජිකයෙකුට මෙම වෛරසය ආසාදනය වී නොමැති බව සඳහන් වේ.

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් මහතා ප්‍රකාශ කර සිටියේ ආසාදිත සිසුවිය ඇගේ මව සමග කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *