මාවනැල්ල ප්‍රාදේශීය සභා රැස්වීමට සතියක වාරණ නියෝගයක් නිකුත් කෙරේ
නිරෝධායන නීතිය උල්ලංඝනය වන අයුරින් පවත්වමින් තිබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට එරෙහිව අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
පොලීසිය විසින් සිදු කරනු ලැබු කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අද (10) දින සිට සතියක කාලයක් ගතවන තුරු ප්‍රාදේශීය සභාවේ කිසිදු රැස්වීමක් පැවැත්විය නොහැකි බව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
මාවනැල්ල පොලිස් වසම හුදකලා කලාපයක් බවට පත්කර තිබියදී ප්‍රාදේශීය සභාව රැස්වීම පැවැත්වීම නිරෝධායන රීතින්වලට පටහැනි ක්‍රියාවක් වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් පවසා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
