දේශීය

අද කාලගුණය

අදත් දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි හෝ තැනින් තැන වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුර, මධ්‍යම, සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ දීත් තැනින් තැන වැසි ඇති විය හැකි බවත් සඳහන් කර ඇත.

තාවකාලික තද සුළං හා අකුණු තත්ත්වයක් ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි බවත් ඒ පිළිබද ජනතාව අවදානයෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරුටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *