අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම සවස් වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මි.මී 100ට වැඩි තද වැසි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට ඇති වීමට ඉඩ ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවලටත් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් උදෑසන කාලයේ දීත් තැනින් තැන වැසි ඇති විය හැකි බව වැඩි දුරටත් සඳහන් කරයි.
අද දිනයේත් තාවකාලික තද සුළං හා අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඒ පිළිබඳ අවදානයෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
