අදත් පාර්ලිමේන්තුව රැස්වේ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමකට අනුව අද දිනයේ ද පාර්ලිමේන්තුව රැස්විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ මේ වන විට විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් සිටී. කොවිඩ් තත්වය හමුවේ රජය ක්‍රියා කරමින් සිටින ආකාරය පිළිබදව රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා තම කතාව තුළ විවේචනය කරමින් සිටී.
මේ අතර ඊයේ (12) දිනය පුරා 2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවති අතර ඡන්ද විමසීමකින් තොරව කෙටුම්පත සම්මත විය. විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටි අතර සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සිය විරෝධතා සටහන් කර ගන්නා ලෙස කථානායකවරයාට දැනුම් දෙන ලදි.
ඊයේ දින පැවති පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රීවරු අතර ස.ජ.බ. මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසූවේ වසර නිදහසින් පසු 73ක ඉතිහාසයේ ආන්ඩුවක් විසින් ලබා ගත් වැඩිම ණය ප්‍රමාණය මේ වසරේ ලබා ගෙන ඇති නමුත් එම ණය වලින් රුපියල් බිලියන දෙදහසක් සදහා පමණක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති නමුත් බිලියන 650ක් සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොමැති බවයි.