දේශීය

අදින් මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වේ

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 2015 වසරේ නොවැම්බර් මස 13 වනදා මැතිරණ කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර එහි නිල කාල සිමාව 2020.11.12 දායින් අවසන් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා කටයුතු කළ අතර මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන මහත්වරුන් කටයුතු කරන ලදි.මෙම කොමිෂන් සභාව තිදෙනෙකුගෙන් යුක්ත විය.

20 වන නව ව්‍යවස්ථා සංශෝධනය අනුව, නව කොමිෂන් සභාවේ සාමාජිකයින් ගණන 5 දෙනෙකු දක්වා වැඩි ඇති අතර තවමත් නව මැතිවරණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත්කිරීමක් සිදුකර නොමැත.

නමුත් නව සභාපතිවරයා ලෙස, වත්මන් කොමිෂන් සභාවේ නීති ලේකම් නිමල් ජී පුංචිහේවා මහතා පත් කරනු ඇති බව සඳහන් කර ඇත.

නිල කාලය අවසන් වූ නමුත් නව මැතිවරණ කොමිෂන් සභාවක් පත්වන තුරු තනතුරේ සිට් සභාපතිවරයාට මැතිවරණ කොමිෂන් සභාවේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යා හැකි වේ.

ජනාධිපතිවරයා විසින් නව සාමාජිකයින් යෝජනා කරනු ඇති අතර එම නම් පාර්ලිමේන්තු සභාව වෙත යොමු කිරීමෙන් අනතුරුව එම සභාවේ නිර්දේශ යළි ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතවේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *