ගෝලීය නවතම තතු – COVID -19
ගෝලීය කොවිඩ් වසංගතයෙන් මේ වන විට ආසාදිතයින් 53,085,762ක් පීඩා විඳින බව වාර්තා වේ.
37,210,160ක් ආසාදිතයින් සුවය ලබා ඇති බවත් මේ වන විට සමස්ත මරණ 1,299,267ක් සිදුව ඇති බවත් වාර්තා වේ.
මෙම ගෝලීය වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ හත්වන තැන ආජන්ටිනාව සිටි අතර එංගලන්තය සිටියේ අටවන තැතයි. නමුත් මේ වන විට එංගලන්තයේ ආසාදිතයින් වැඩි වීමත් සමඟ හත්වන තැනට පැමිණ ඇති අතර ආජන්ටිනාව අටවන තැතට පැමිණ ඇත.
එම ලැයිස්තුවේ මුල් රටවල් ත්‍රිත්වය ලෙස පිළිවෙලින් ඇමරිකාව,ඉන්දියාව,බ්‍රසීලය සඳහන් වේ.
එසේම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,723ක් වේ.
නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ ආසාදිතයින් 5,022ක් ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 10,653ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 48ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.