දේශීය

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරත වී ඇත.

මේ වන විට් මෙම බන්ධනාගාරයේ 800කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති අතර එහිදී රැඳවියන් 30කට හා නිලධාරීන් 02දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම තත්ත්වය මත රැඳවියන් බන්ධනාගාරයේ වහලය මත නැඟ මෙලසෙ විරෝධතාවයක නිරත වී ඇත්තේ, බන්ධනාගාරයේ මෙම වෛරසය ව්‍යාප්තියේ අවදානම මේ වන විට වැඩි නිසා සියලුම රැඳවියන්හට PCR පරීක්ෂණ කරන මෙන් ඉල්ලීමක් කරමින්ය. නැතිනම් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන ලෙසත් එම රැඳවියන් කියා සිටින ලදි.

මේ සඳහා මහනුවර පොලීසිය ප්‍රකාශ කර සිටියේ මෙම රැඳවියන්ගේ PCR පරීක්ෂණ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *