දේශීය

ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ හුදෙකලා ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක්

අද (13) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන කැමරා සහ හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් මෝදර,ගල්කිස්ස ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්යය බලකා විහිදුම් සාමාජිකයින් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවවේ සාමාජිකයන්ගේ මෙහෙය වීමෙන් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයින් 07 දෙනකු අත්අඩංගුවට ගැනීමට ද හැකී වී ඇත.

මෙම පුද්ගලයින් හුදෙකලා කරන ලද මෝදර ප්‍රදේශය තුළ සංචරණ සීමා උල්ලංඝණය කර ඇති නිසා  නිරෝධායන සහ රෝග ව්‍යාප්තිය වැළක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට බලාපොරොත්තු වෙන බවත පොලිස් පතිතුමා විසින් ප්‍රකාශ කර ඇත.

එසේම හුදෙකලා කරන ලද ප්‍රදේශ වල සිටින ජනතාව සෑම විටම නිවෙස් වලට වී නිරෝධායන රීතිවලට අවනත විය යුතු බවත් ඉදිරියටත් මෙම විශේෂ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන බවත් පොලිස් පතිතුමා වැඩි දුරයත් සඳහන් කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *