දේශීය

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගයක් ජපානයට අපනයනය කරයි

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සතියක් පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්ව ක්‍රියාත්මක කරන ලදි.

එහිදි තැපැල් කාර්යාල 600ක් මගින් නිවෙස් වල ගොඩ ගසා තිබූ අපද්‍රව්‍ය එක්රැස් රැස් කිරීමට කටයුතු කර ඇත.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් හා INSEE සමාගමේ කළමනාකාරිත්වය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගීත්වයෙන් රැස් කළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පසු ගිය (11)වන දා ජපානයට අපනයනය කිරිම කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ පිහිටි INSEE සිමෙන්ති සමාගම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කර ඇත.

මෙසේ නිවෙස් තුළ තිබූ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික් ටොන් 08ක්,ලෝහ ටොන් 13ක් හා Printed Circuit Board ටොන් 03ක් රැස් කිරීමට හැකි වී ඇත.

පරිගණක, රූපවාහිනි, ඉවත ලන බැටරි, වෙනත් පරිගණක උපාංග වලින් වෙන් කරන ලද කොටස් ජපානයට අපනයන කරනු ලබන්නේ ඒවායේ අන්තර් ගත වටිනාලෝහ වෙන් කිරීම සඳහා බවත් මෙවර යවන ලද අපද්‍රව්‍ය තොගයේ තිබූ Printed Circuit Board හි අන්තර්ගත රත්තරන් හා ප්ලැටිනම් වෙන් කර ගැනීම ජපානයේ සමාගමක් සිදු කරන නිසා වෙන්ය. එම රත්තරන් හා ප්ලැටිනම් වල බර අනුව මෙරටට මුදල් ගෙවීමද සිදුවන බවද සඳහන් කර ඇත.

අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් තිරසාර විසඳුමක් හඳුන්වා දීමට INSEE සිමෙන්ති සමාගම හැකි වීම ගැන අමාත්‍යවරයා විසින් සිය ප්‍රසාදය ඵල කර ඇති අතර මෙම විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීම තවත් සති කිහිපයකට ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *