දේශීය

බැසිල් ඉල්ලා මන්ත්‍රිවරු ලිපියක් සකස් කරයි

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණිම අත්‍යාවශ්‍ය බව පවසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් ලිපියක් මගින් ඉල්ලීමට කටයුතු කර ඇත. එම ලිපිය බැසිල් රාජපක්ෂ මහතාට භාර දීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම තමන්ගේ අපේක්ෂාව බවත් බැසිල් රාජපක්ෂ මහතාගෙන් තොරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් ගැන සිතීමට හෝ නොහැකි බව එම ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.

තවද වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ පලාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම ජයගත හැකි වන පරිදි දැවැන්තම දේශපාලන පක්ෂය නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බව එම ලිපියේ සදහන්ව ඇත. තවද ගමේ ශාඛා සමීතියේ සිට පක්ෂයේ ඉහළම ස්ථානය දක්වා සියලුම කටයුුතු සංවිධානය කළේ ද බැසිල් මහතා බැවින් පක්ෂයේ නිර්මාතෘවරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එම ලිපියේ වැඩිදුරටත් සදහන් වෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *