වරාය අඩපණයි – හේතුව කොවිඩ්
මේ වන විට කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු සැලකිය යුතු ප්රමණයකට අඩාල වී ඇත.
කොළඹ වරායේ සේවය කරන සේවකයන් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා මෙසේ සිදුවී ඇත.
පවතින තත්ත්වය මත වරාය මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා විශ්රාම ගොස් සිටින වරාය සේවකයන් යළි සේවයට කැඳවීමට සොයා බලන බව වරාය සභාපති දයා රත්නායක මහතා සඳහන් කර සිටි.
මේ වන විට කොළඹ වරාය වෙත පැමිණීමට නියමිත නෞකා කිහිපයක්ම, සිදුවන මෙහෙයුම් ප්රමාද වීමේ හේතුවෙන් වරායෙන් පිට නැංගුරම් ලා ගෙන සිටින බව සඳහන් කරයි.
වරායේ සේවය කරන වැඩි සේවකයන් පිරිසක් කොළඹ, ගම්පහ දිස්ත්රික්ක වල පදිංචි කරුවන් බවත් ඔවුන් දැනට වෛරස ආසාදන වී හෝ නිරෝධායනයට ලක් කර තිබීම හේතුවෙන් මෙම ප්රමාදය සිදුව ඇති බව සඳහන් කළ වරාය සභාපතිවරයා වැඩි දුරටත් කියා කියා සිටියේ බහාලූම් ගොඩබෑමේ යම් ප්රමාදයක් ඇති නමුත් එය හැකිතාක් අවම කර ගැනීමට පියවර ගනිමින් සිටින බවි.