විදේශීය

ශුද්ධෝත්තම පාප්තුමන්ගෙන් බයිඩ්න්ට සුබ පැතුම්

ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න් හට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් සුබපැතුම් එක්කර ඇත. දුරකථනයෙන් බයිඩ්න් ඇමතූ පාප්තුමන් ඇමරිකානු නව ජනාධිපතිවරයාට ආශිර්වාද කළ බව ඇමරිකානු මාධ්‍ය වාර්ථා  කරයි.

දිළිදු පුද්ගලයින්ට සහන සැලසීම, දේශගුණ විපර්යාස වැලැක්වීම, සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ඇමරිකාවට පිළිගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් පාප්තුමන් සමග එක්ව සාකච්ඡා කර කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව බයිඩ්න් පවසා ඇත.

රෝමානු කතෝලික සභාවේ ආශිර්වාද ඇතිව ඇමරිකාව පාලනය කිරීමට අපේක්ෂා කරන ජෝ බයිඩ්න් යනු ජෝන් කෙනඩිගෙන් පසු ඇමරිකාවේ බිහිවූ ප්‍රථම රෝමානු කතෝලික ජනාධිපතිවරයාය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *