දේශීය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට අවශ්‍ය උපදේශන සේවා සඳහා ක්ෂණික දුරකථන අංකයක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමජිකයන්ට අවශ්‍ය උපදේශන සේවාවන් සැපයීම සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

1927 යන ක්ෂණික දුරකතන අංකය ඔස්සේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පැය 24 පුරා මෙම උපදේශන සේවාව ක්‍රියාත්මක බව එම මණ්ඩලය පවසයි.

පවතින කොවිඩ් වෛරස තත්වය හමුවේ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් වඩාත් අවදානම් කණ්ඩායමක් බවට පත්ව ඇති නිසා ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ප්‍රවේශවීමේදී ඔවුන්ට විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවන බව හඳුනාගෙන තිබේ.හදුන්වා දී ඇති අංකය මගින් අවශ්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ලබා ගත හැකියාව ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *