දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

මේ වන විට ගෝලීය වශයෙන් කොවිඩ් ආසාදිතයින් 54,325,757දෙනෙක්  වාර්තා වී ඇත. ලොව පුරා මරණ 1,309,408ක් වාර්ථාවන අතර සුවය ලබා ඇති  සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 37,867,937ක්  බව සඳහන් වේ.

ඊයේ (14) එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඇමරිකාවෙන් වාර්තා වී ඇත. ඒ නව ආසාදිතයින් 157,081ක් හමු වීමත් සමඟයි.

එසේම මෙරට කොවිඩ් වෛරස ආසාදිතයින් සමස්ත සංඛ්‍යාව 16,191ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 53ක් වේ.

ආසාදිතයින් 11,324ක් පූර්ණ සුවය ලබා ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 5,206ක් ප්‍රතිකාර ලබයි.

ලොව රටවල කිහිපයක  COVID 19 ව්‍යාප්තිය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.

  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *