නිරෝධයන නීති කඩ කළ තවත් පුද්ගලයින් 25ක් අත්අඩංගුවට
ගතවූ පැය 24 තුළ නිරෝධයන නීති කඩ කළ පුද්ගලයින් 25දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.ඒ මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතුවෙන්ය.
මෙලෙස මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතු මත වැඩිම පිරිසක් ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් බවත් ඔවුන් මීගමුව, කටුනායක සහ සීදුව යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පොලිස් පති තුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතු මත මේ වන විට පුද්ගලයින් 201දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව ඉදිරියටත් සිදු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
