දේශීය

සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (14) උදෑසන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ගේය පද රචකයෙකු මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රවීණ කලා ශිල්පියෙකු වූ චන්ද්‍රසේකර මහතා මියයන විට 61වන වියේ පසු විය.
ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් මාධ්‍යවේදියෙකු, රූපවාහිනි කලාකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය අරඹා ඇති චන්ද්‍රසේකර මහතා දේශපාලන ප්‍රහසන වැඩසටහන් ගණනාවක්ම නිර්මාණය කරන ලදි. චන්ද්‍රසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි.

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *