දේශීය

තවත් ආසාදිතයින් 214ක් වාර්තා වේ

තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 214ක් හඳුනා ගෙන ඇත.

මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් වෛරස ආසාදිත සමස්ත සංඛ්‍යාව 16,405ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම වෛරස ආසාදිතයින් 293ක් අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බවත්  ඒ අනුව සමස්ත ආසාදිතයින් 11,324 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරව ලදි.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ නේවාසිකව ආසාදිතයින් 5,028ක් ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 53ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *