හබිබුල් බෂාර්ටත් කොවිඩ්
බංග්ලාදේශ වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙක් මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ හබිබුල් බෂාර් කොවිඩ් වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
පසුගිය දිනෙක සිදු කරන ලද PCR පරික්ෂණයකදී තමන් කොවිඩ් වෛරස ආසාදිතයෙකු බවට තහවුරු වූ බව හබිබුල් බෂාර් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින සඳහන් කර ඇත.
එසේම ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම වෛරසය හමුවේ පුද්ගලයන්ට සිදු කිරීමට ඇති එකම දේ හැකි උපරිමයෙන් ආරක්ෂා වීම බවත් මේ වන විට තමන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අතර මෙම මස අගදී පැවැත් වීමට නියමිත 20/20 තරගාවලිය සඳහා සිය සේවාව ලබාදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
මේ වන විට බංග්ලාදේශ පුරා කොවිඩ් වෛරසය ආසාදිතයින් 428,965ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 76,419 ප්‍රතිකාර ලබන බවත් ආසාදිතයින් 346,387 සුවය ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
