හුදෙකලා ප්‍රදේශවල ක්‍රියාත්මකවන අත්‍යාවශ්‍ය සේවා
හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා කෙරෙන මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා , එම ප්‍රදේශයන්හී උසාවි කටයුතු හා අත්‍යවශ්‍ය රජයේ ආයතන සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අධීක්ෂණය හා මාර්ගෝපදේශ යටතේ පවත්වාගෙන යා හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දක්වා ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
