දේශීය

තෙවන වාරයට අදාළ පාඩම් රූපවාහිනී නාලිකා ඔස්සේ

පවතින කොවිඩ් වෛරසය තත්ත්වය හේතවෙන් පාසල් පද්ධතිය වසා ඇති අතර පාසල් විවෘත කිරීම දිගින් දිගටම කල් යමින් පවති. 2020 වර්ෂයට අදාළ 3වන වාර්යේ ඉගැන්වීම් කටයුතු රූපවාහිනී නාලිකා ඔස්සේ සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ප්‍රධාන විෂයන් මූලික කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිෂ්පාදනය කළ නව පාඩම් මාලා පෙළක් රාජ්‍ය සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වීමට නියමිත වේ.

ඒ අනුව අද දෙරණ 24, ART TV, Channel EYE/නේත්‍රා TV යන නාලිකා ඔස්සේ නොවැම්බර් 16 සඳුදා උදෑසන 4 සිට විකාශනය ඇරඹෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මීට අදාළ කාල සටහනක්ද නිකුත් කිරීමට නියමිතය.

Channel EYE/නේත්‍රා TV

3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිංහල සහ දමිළ මාධ්‍ය දිනකට පැය 16 ක්

ART TV

3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දිනකට පැය 4 ක්

අද දෙරණ 24

O/L පුනරීක්ෂණ (Revision)

විකාශනය වේ.

එසේම රූපවාහිනී නාලිකා ඔස්සේ මෙම පාඩම් මාලා සඳහා සම්බන්ධ වීමට අපහසු සිසුන්ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ඔස්සේ ද මෙම පාඩම් මාලා විකාශනය කිරීමට නියමිත වේ.

පාඩම් මාලා අධ්‍යයනයේ දී සිසුන්ට ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීම සම්බන්දයෙන් ගුරු මණ්ඩලයක් වෙත යොමු කිරීමට 1377 යන විශේෂ දුරකථන අංකයද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *