ඕස්ට්‍රේලියාව තුළ යළිත් කොවිඩ් හිස ඔසවයි
ඕස්ට්‍රේලියාවෙන් ආසාදිතයින් 17දෙනෙක් වාර්තා වී ඇත.
පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයෙන් මෙම රෝගී වාර්තා වී ඇත.
නිවාස තුළ නිරෝධායනට ලක් කළ නොහැකි ආසාදිතයින් නිරෝධායනයට ලක්කරන, ඇඩිලේඩ් නගරයේ හෝටලයක් තුළින් මෙම වෛරසය සමාජගත වී ඇති බවත් මෙම හෝටලය කොවිඩ් – 19 නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරමින් කටයුතු කර ඇති බවත් එරට බලධාරීන් පවසයි.
කොවිඩ් වෛරස ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ රටක් ලෙස නම් කිරීමත් සමග එරට පනවා තිබූ දැඩි සීමා පසුගිය දා ලිහිල් කර ඇති අතර එවන් පසුබිමක දී නැවතත් ව්‍යාප්තිය ඉහළ යාම පිළිබඳ ඔස්ට්‍රේලියානූ ජනතාවට එරට සෞඛ්‍ය අංශ දැඩි අනතුරු ඇඟවීම් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
