තායිලන්තය ලෝක සෞඛ්‍ය සංවිධාවයේ පැසසුමට
තායිලන්තය මේ වන විට කොවිඩ් වෛරස තත්ත්වය පාලනය කිරීමේදී ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අගය කිරිමකට ලක් කර ඇත.
තුන්වෙනි ලෝකයේ රටක් ලෙස හඳුන්වන තායිලන්තයේ ජනගහනය මිලියන 70 පමණ වේ.
චීනයට පසු පළමුවෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වී අත්තේ තායිලන්තයෙනි.නමුත් සමස්ත ආසාදිතයින් 3,874ක් පමණක් එරටින් වාර්තා වි ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ කිසිඳු එන්නතක් හෝ ප්‍රතිකාරයක් නොමැති මෙම වෙවරසය, රාජ්‍ය තන්ත්‍රයේ පුළුල් මැදිහත්වීමකින් මර්දනය කිරීමට කදිම නිදසුන බවයි.
තායිලන්තයේ කොවිඩ් මර්දනය සඳහා ගෙනයන මෙම වැඩපිළිවෙල අහම්බයක් නොවන බවත් මීට වසර 40 කට පෙර සිට තායිලන්තය සිය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට කැපවී සිටිමේ ප්‍රතිඵලයක් වශයෙන් මිලියනයකට අධික ග්‍රාමීය සෞඛ්‍ය ස්වේච්ඡා සේවකයන්ගේ ජාලයක් ස්ථාපිත කොට අති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත.එසේම එම ස්වේච්ඡා සේවකයින් එරට ප්‍රජා සෞඛ්‍ය පද්ධතියේ මූලිකත්වය ගෙන ක්‍රියාකරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා ඇත
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
