දේශීය

ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත

ප්‍රවීණ ගායක පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට 68වන වියේ පසු වූ ඔහු කලක් රෝගාතුරව සිටි අතර කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

සඳ පාන වගේ, ගොලු හදවත විවර කරන්න, ආවේ වන බඹරෙක් වාගේ, දෙමව්පියන් කියන නිසා, වැනි ගීත ගායනා කරමින් වේග රිද්මයට තම හඬ හසුරුවමින් රසික හදවත් තුළ ලැගුම් ගත් ගායකයෙක් වීමට පෝල් ප්‍රනාන්දු මහතා හැකියාවක් ලැබිණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය තීරණය කරන්නේ, පවතින කොවිඩ් වෛරස තත්ත්වය හේතුවෙන් අදාළ පරික්ෂණ සිදු කිරීමෙන් පසු බව ගායක ගායිකා සංගමයේ අනුශාසක කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කර ඇත.

ඒ අවනුව පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන ආකාරය පසුව දැනුම් දීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *