දේශීය

හෙට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

හෙට රාත්‍රී 09.00 සිට පැය 10ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කොට්ටාව, පැලැන්වත්ත ජල පොම්පාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදුවන බවයි සඳහන් කළේ.ඒ අනුව,

  • පැලැන්වත්ත
  • ඇරව්වල
  • සිද්දමුල්ල
  • පිංහේන හංදිය
  • ගොරකපිටිය පාර
  • මොරකැටිය
  • නිවත්තිඩිය

යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දන්වා සිටියි.

එසේම වාද්දූව, කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ද හෙට පෙරවරු 08.00 සිට රාත්‍රී 7.00 දක්වා පැය 11කට අධික කාලයක් ජල සැපයුම අත්හිටුවිමට නියමිතය.

  • වාද්දූව
  • වස්කඩුව
  • පොතුපිටිය
  • කළුතර උතුරසහ දකුණ
  • කටුකුරුන්ද/නාගොඩ
  • බෙන්තොට
  • පිලමිනාවත්ත
  • පයාගල
  • මග්ගොන
  • බේරුවල
  • අලුත්ගම
  • දර්ගා නගරය
  • කළුවාමෝදර
  • මොරගල්ල

යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *