දේශීය

05 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වේ

ඊයේ (15) 2020, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇත.

www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් විභාග ප්‍රතිඵල ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව සඳහන් කරයි.

ඒ සමගම ඊට අදාළ කඩයිම් ලකුණු ද නිකුත් කර ඇත.

සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩයිම් ලකුණු ලෙස දැක්වෙන්නේ 169කි.

සෙසු දිස්ත්‍රික්ක සඳහා දක්වා ඇති කඩයිම් ලකුණු පහතින් දැක්වේ

  • වව්නියාව – 157
  • නුවරඑළිය – 161
  • හම්බන්තොට – 164
  • මුලතිව් – 157
  • අම්පාර – 162
  • ත්‍රිකුණාමලය – 161
  • පුත්තලම – 163
  • අනුරාධපුරය – 163
  • පොළොන්නරුව – 163
  • බදුල්ල – 163
  • මොනරාගල – 162
  • රත්නපුර – 165

එසේම කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරිමට අවශ්‍ය වන්නේ නම්, අභියාචනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පසුන දැනුම් දෙන බවද සඳහන් කර ඇත.

ඒ සඳහා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *