මෙරට කොවිඩ් තතු
මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කෙවිඩ් වෛරස ආසාදතයින් සංඛ්‍යාව 17,287දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (15) ආසාදිතයින් 704ක් වාර්තා වීමත් සමඟන්ය.
11,495ක් ආසාදිතයින් පූර්ණ සුවය ලබා ඇති අතර මේ වන විට 5,734ක් ආසාදිතයින් ප්‍රතිකාර ලබමින් සිටියි.
ඊයේ කොවිඩ් මරණ 05ක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 58 දක්වා ඉහළ යන ලදි.
ගෝලීය කොවිඩ් වෛරසය ව්‍යාප්ත වූ රටවල් ලැයිස්තුවේ 100වන තැනට ශ්‍රී ලංකාව අද වන විට පැමිණ ඇත.
වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍රයෙන් මෙරට තුළත් සිදු වන අතර වැඩිම ආසාදිතයින් පිරිසක් හා වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
