දේශීය

විදේශවල සිටි ශ්‍රී ලාංකිකයන් 91ක් දිවයිනට

අද (16) අලුයම විදේශවල සිටි ශ්‍රී ලාංකිකයන් 91ක් දෙනෙක් දිවයිනට පැමිණ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.ඒ අනුව,

දෝහා කටාර් සිට පුද්ගලයින් 12 දෙනෙක්,

ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 78 දෙනෙක්,

ජපානයේ සිටි එක් පුද්ගලයෙක් පැමිණ ඇති අතර ඔවුන්ව නිරෝධායනයට යොමු කර ඇත.

එසේම පුද්ගලයින් 3,168 දෙනෙකු ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ නිරෝධායනය වන බව සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *