ඉන්දියාවේ මාස 04කට පසු කොවිඩ් ආසාදිතයින් ගණන අඩුවේ
ඉන්දියාවේ මාස 04කට පසුව අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) දිනයේ වාර්තා වී ඇත.
නව කොවිඩ් ආසාදිතයින් 30,548 දෙනෙකු ඊයේ දින එරටින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දියාවේ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,874,172ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන්දියාවෙන් ඊයේ නව කොවිඩ් මරණ 435ක් වාර්තා වීමත් සමග එරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 130,559 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
