දේශීය

පාසැල් අරම්භ කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක් හෙට

හෙට (18) පැසල් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්චාවක් පැවැත් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්චාවක් පැවැත්වෙන අතර ලබන 23 වැනිදා පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය පිළිබඳ, සමාලෝචනය කිරීම මෙම සාකච්චිවේ දී සිදු කරන බවත් කොවිඩ් කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

පාසල් පද්ධතිය ලබන 23 වැනිදා විවෘත කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන්නේ මෙම සාකච්චාවෙන් අනතුරුව බව ලේකම්වරයා සඳහන් කරන ලදි.

පාසල් පද්ධතිය වසා ඇති කාලයේ සිසුනගේ අධ්‍යනය සඳහා ඔන්ලයින් ඔස්සේ වන ඉගැන්වීම් හා පැවරුම් මගින් අධ්‍යාපන කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *